Sri Lanka Navy – Official Logo
Sri Lanka Navy Seva Vanitha Unit Banner
සුභසාධන මධ්‍යස්ථානය

සේවා
වනිතා

"Successfully dedicating service towards the well-being of the naval community."

ආරම්භය. 1984

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය 1984 දෙසැම්බර් 07 වන දින ආරම්භ කරන ලදී. නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රථම සභාපතිනිය ලෙස එවකට නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ, වයිස් අද්මිරාල් ඒ.එච්.ඒ. ද සිල්වා ගේ බිරිඳ වූ ශ්‍රියා ද සිල්වා මහත්මිය, පත් වූ අතර, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් මෙම ඒකකයේ යහපැවැත්ම වෙනුවෙන් ඇය උපරිම කැපවීමෙන් දායකත්වය දක්වන ලදී.


නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධාන අරමුණ වන්නේ, ත්‍රස්තවාදය මෙරටින් පිටුදැකීමේ මානුෂීය මෙහෙයුමේදී දිවි පිදූ හා අතුරුදහන් වූ නාවික රණවිරුවන්ගේ පවුල් වෙත සුබසාධන පහසුකම් සහ පරිත්‍යාග ලබාදීමත්, සටනේදී ආබාධිත තත්වයට පත් නාවික රණවිරුවන්ගේ සුභසාදන කටයුතු සොයාබැලීමත්, සක්‍රීය සේවයේ යෙදී සිටින නාවික හමුදා පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගේ සුභසාදනය උදෙසා කටයුතු කිරීමත් වේ. එමෙන්ම රෝහල්, ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ ආගමික ස්ථාන වෙත අවශ්‍ය ආධාර උපකාර සිදුකරමින් නාවික හමුදා සේවාවනිතා ඒකකය සමාජ මෙහෙවරකද නිරත වේ.

වැඩිදුර තොරතුරු

සේවා වනිතා ඒකකයේ වත්මන් ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති පිළිබඳ සියලුම තොරතුරු නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක.

Visit Official Website