Sri Lanka Navy – Official Logo

Sri Lanka Navy

Volunteer Naval Force (VNF)

Commandant Image

Commandant

Rear Admiral GSD Weerasuriya

USP, nswc, psc, MPA (PIM-USJ), MHS, BSc (DS) Mech Eng

CO Image

Commanding Officer

Commander(VNF) ARMB Karunarathna

PSV, BA (Lanka)

ස්වේච්ඡා නාවික හමුදාව

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් සමාජයෙන් පන්නරය ලත් ප්‍රධාන හස්ථය ලෙස ස්වේච්ඡා නාවික හමුදාව නම් කළ හැකිය. ජාතික අවශ්‍යතාවයන් වලදී හා ව්‍යසනයන්හිදී සිය නාවික පුහුණුවෙන් ලද පන්නරයන් කැටිව සිය විශේෂ ප්‍රාගුණ්‍ය අවශ්‍ය කටයුතු සඳහා යෙදවීම ස්වේච්ඡා නාවික හමුදාවේ ප්‍රධාන කාර්ය භාරයකි.

1991 අප්‍රේල් 02 දින අංක 656/25 දරණ අති විශේෂ ගැසට් නිවේදනයෙන් දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියලු අංශ නියෝජනය වන පරිදි නිලධාරීන් හා නාවිකයින්ගෙන් සම්පන්න හමුදාවක් ලෙස ස්වේච්ඡා නාවික හමුදාව දැක්විය හැකිය.

දැක්ම

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කර ගැනීම පිණිස කැපවීමෙන් කටයුතු කරන, ශ්‍රී ලංකා නාවික හමුදාවට සිය හැකියාවන්ගෙන් සහ පුහුණුවෙන් ලද ආභාශයෙන් එම අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා සහාය වීම.

මෙහෙවර

නාවික හමුදාවේ කාර්යභාරය ඉටුකිරීමෙහිලා කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාවට විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ ලබා ගත් සිය විශේෂ ප්‍රාගුණ්‍යයෙන් අවශ්‍ය සහාය දැක්වීම.

පුහුණුව

සක්‍රීය සේවයේ යෙදී නොසිටින ස්වේච්ඡා නාවික පුද්ගලයන් මසකට වරක් පවත්වන සති අන්ත පුහුණු කඳවුරු සහ නාවික හමුදාපතිගේ නිරීක්‍ෂණය යටතේ පවත්වන වාර්ෂික පුහුණු කඳවුරු වලට සහභාගී විය යුතුය. සක්‍රීය සේවයේ නොසිටින ස්වේච්ඡා නාවික පුද්ගලයන්ගේ දැනුම සහ හැකියාව යාවත්කාලීන කරනු පිණිස, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය මගින් පහත සඳහන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

    • සති අග පුහුණු කඳවුරු - සෑම මසකම තුන්වන සති අන්තයේ
      වාර්ෂික පුහුණු කඳවුරු - සෑම වසරකම සැප්තැම්බර් මස