Sri Lanka Navy – Official Logo
Vision Icon - ශ්‍රී ලංකා නාවික හමුදාවේ දැක්ම

දැක්ම

ශ්‍රී ලංකාවට අයත් සාගරික සම්පත් ආරක්ෂා කරමින් එහි ජාතික ආරක්ෂාව තහවුරු කරනු වස් නොගැඹුරු සහ ගැඹුරු දියඹෙහිද අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් නාවික හමුදාවක් ලෙස වර්ධනය වීම.

Mission Icon - ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙවර

මෙහෙවර

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය අවි, උපකරණ සහිතව නිසි පුහුණුව ලබමින්, සාගරික සම්පත් ආරක්ෂා කරමින් මහ මුහුදේ ආධිපත්‍යය රැකගත හැකි නාවික හමුදාවක් බවට පත් වීම.

Role & Task Icon - ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යයන්

කාර්යය හා කර්තව්‍ය

රටක නාවික හමුදාවක් සම්බන්ධ විය හැකි සම්පූර්ණ මෙහෙයුම් පරාසය ඉතා එක් අන්තයක ඉහළ තීව්‍ර යුද සංග්‍රාමයන් ගේ සිට අනෙක් අන්තයේ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් දක්වා පුළුල් පරාසයක විහිදේ. එකිනෙකට වෙනස් භූමිකාවන්ට බෙදිය හැකි මෙම පුළුල් පරාසයක විහිදුනු මෙහෙයුම් සිදු කිරීම සඳහා නිශ්චිත ප්‍රවේශයක් අවශ්‍ය වේ. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ භූමිකාවන්; හමුදාමය, රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිය බලාත්මක කිරීම වශයෙන් ප්‍රධාන කොටස් තුනක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.